spot_img
spot_imgspot_img

අර්ජුන වරදකරුවකු යැයි අධිකරණයෙන් තීරණයක්. ලක්ෂ 250ක් ගෙවන්න සිදුවෙයි

පුවත්

විදෙස්

මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වූ අර්ජුන රණතුංග විසින් තිලංග සුමතිපාලට රුපියල් මිලියන 25ක වන්දියක් ගෙවිය යුතු බවට අධිකරණය අද (17) නියෝග කළේය.

ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ වනිසරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර විසින් මෛම නියෝගය නිකුත් කරනු ලැබූවේ පැමිණිලිකාරු 2017 වර්ෂයේ කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමන් සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග 2003 වර්ෂයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි තිලංග සුමතිපාල විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

අර්ජුන රණතුංග තමන්ට අභූත චෝදනා එල්ලකරමින් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවූ බවත් ඒ හේතුවෙන් තමන්ට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඔහුගෙන් අයකර දෙන ලෙසත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!