මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද හන්දිය ආසන්නයේ ඊයේ (14) සවස සිදුවූ රිය අනතුරකින් වයස දියණියක සහ ඇගේ පියා මියගොස් ඇතැයි පල්ලේවල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක ගැහැනු දරුවකු සහ වයස අවුරුදු 54ක් වූ වූ අයෙකි. ඔවුන් කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ඔවුන් දෙදෙනා මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඔවුන් යටකරගෙන පළාගොස් ඇති බවයි. උපකාරක පන්තියකට ගිය දියණිය ගැනීමට ගිය පියා ඇය සමඟ යළි නිවසට යමින් සිටිය දී මෙලෙස අනුතරට ලක්ව ඇත. බරපතල තුවාල ලැබූ දැරිය රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුකර පළාගිය රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ පසු ඔහු අධික බීමත්ව සිටි බව තහවුරු වූවේ යැයි පල්ලේවෙල පොලිසිය පවසයි. මෙම මරණ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතව තිබේ.