6 C
New York

කාන්තාවකට පාරේ යන්න නොදෙන ශ්‍රී ලංකා පොලිසිය (වීඩියෝ සහිතයි)

Published:

කළුතර සිට කොළඹ දක්වා පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වාගනිමින් එම දෙදෙනා, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබූ පුවරු දෙකක් රැගෙන කළුතර බෝධිය අසළ සිට කොළඹට පා ගමනින් යමින් සිටියහ.

එම පාගමන ආරම්භ කරන අවස්ථාවේ දී ද පොලිසිය ඔවුන්ට බාධා එල්ල කර තිබිණනි. වාද්දුව ප්‍රදේශයේ දී ඔවුන්ගේ මඟ හරස්කළ පොලිසිය ඔවුන්ට එලෙස යාමට ඉඩ නොදෙන බව කියා සිටියහ. එය කවර නීතියක් යටතේ සිදුකරන්නක් දැයි එම කාන්තාවන් සහ එහි සිටි පිරිස් ප්‍රශ්න කළ ද පොලිස් නිලධාරීන් කීවේ නීතියක් ඇති බවයි.

නමුත් එම නීතිය ඔවුන් පෙන්වා දුන්නේ නැත. එම ස්ථානයට පොලිසියේ විශාල පිරිසක් පැමිණ සිටියහ..නීතියක් ඇතැයි කීව ද නීතියක් නොපෙන්වූ පොලිස් නිලධාරියා තර්ජනාත්ක ස්වරූපයෙන් එම කාන්තාවන්ට අඩියක්වත් යන්න දෙන්නේ නෑ කියමින් කාන්තාවකගේ අතින් අදින දර්ශන ද පටිගත වී තිබේ.

මේ අවස්ථාවේ මාර්ග‍යේ ගමන් කරන බස් රථයකට ගොඩවූ එම කාන්තාවන් දෙදෙනා පානදුර ගොරකාපොළ ප්‍රදේශයට පැමිණ තිබිණි.

ගොරකාපොළ දී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගැනීමේ දී පොලිසියට බාධා කළේ යැයි කියමින් එතැන සිටි තවත් පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවේදීන් පවසන්නේ මාර්ගයේ ගමන් කිරීමට මෙන්ම සාමකාමී විරෝධතා දැක්වීමට ඕනෑම පුරවැසියකුට අයිතිවාසිකමක් ඇති බවයි. මෙය පොලිසිය මිනිසාගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් මෙම සිද්ධියට එරෙහිව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඔවුහු කියති.

Related articles

Recent articles

spot_img