-1 C
New York

කරාපිටිය රෝහලේ පොඩි ගින්නකින්, ලොකු කලබලයක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අද (10) රාත්‍රී 7.00ට පමණ ඇති වූ ගින්නක් හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය.

ගින්න හටගෙන ඇත්තේ පිළිකා ඒකකයේ පළමු මහළේ පිහිටා ඇති විකිරණ පරීක්ෂණ සිදුකරන කාමරයේ ය. මෙම ගින්න හටගැනීමත් සමඟ එම කාමරයට යාබද වාට්ටුවක සිටි රෝගීන් ඉවත් කිරීමට කටයුතු කළ ද රෝහල් සේවකයන්ට ම ගින්න පාලනය කර ගත හැකි වූ බව රෝහල් අධ්‍යක්ෂ  වෛද්‍ය එස්.පී.යූ.එම්.රංග පවසයි.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න පාලනය කර තිබිණි. නමුත් මේ ගින්න නිසා විශාල දුමාරයක් හටගෙන තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ එම ඒකකයේ වායු සමන යන්ත්‍රයක ගින්න හටගෙන තිබූ බවයි. එය රෝහල් කාර්ය මණ්ඩලය විසින්ම පාලනය කරගත් බැවින් හානියක් සිදු නොවූ බව ද හෙතෙම පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල‍යට ගිනි නිවීම පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ.

Related articles

Recent articles

spot_img