දින 11ක් වයසැති බිළිඳියක ඇතුළු එකම පවුලේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලට අද (03) දින ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති පවුල හපුතලේ, කොස්ලන්ද, කොළොන්ගස්තැන්න පදිංචිව සිටි බව කියයි. මෙලෙස අද රෝහල්ගත කර ඇත්තේ බිළිඳිය, ඇගේ මව, පියා සහ මිත්තනියයි.
මෙම බිළිඳියගේ මුත්තනුවන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ තොග ව්‍යාපාරිකයකු බවත් ඔහු මීට පෙර කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබූ බවත් සෞඛ්‍ය අංශ පැවසීය.