1.4 C
New York

සමස්ත ලංකා පාසල් හොකී ශූරතාව ශාන්ත ඇලුවීෂියස් විදුහල දිනා ගනී

Published:

39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 20න් පහළ බාලක හොකී ශූරතවා දිනා ගැනීමට ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය සමත්විය.

ඒ අවසන් මහා තරඟයේ දී මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජයට පත්කරමිනි. එම තරඟය කොළඹ නිදහස් චතුරශ්‍ර කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයේ දී දෙපිළම ලකුණු 01 බැගින් වාර්තා කළ බැවින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා දඬුවම් විදීම් උපයෝගී කරගැනීමට සිදුවිය.

එහි දී ගෝල 4-3ක් ලෙස ලබා ගනිමින් තරඟය ජයගනිමින් ශූරතාව දිනාගැනීමට ඇලුවීෂියස් කණ්ඩායම සමත්විය. 2017 සහ 2018 වර්ෂවල දී ද ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය එම ශූරතාව දිනාගෙන තිබිණි.

අවසන් පූර්ව තරඟවල දී ශාන්ත අලුවීෂියස් විද්‍යාලය ගල්කිස්ස ‍ශාන්ත තෝමස් විද්‍යාලය පරාජයට පත්කරමින් ද, විද්‍යාර්ථ විද්‍යාලය වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ද අවසන් මහා තරඟ වරම් දිනාාගෙන තිබිණි.

තරඟාවලියේ තුන්වැනි ස්ථානය තීරණය කිරීමේ තරඟයේ දී වෙන්නප්පු ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ උදේශ් සංදීප අබේවර්ධන සම්මාන ලැබුවේය.

Related articles

Recent articles

spot_img