-2.5 C
New York

ගිලෙමින් තිබූ යාත්‍රාවේ සිටි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ ?

Published:

ශ්‍රී ලාංකිකයන් 303 දෙනකු සහිතව ගමන්කරමින් සිටිය දී අනතුරට පත් වූ යාත්‍රාවක් බේරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය පවසන්නේ මෙම යාත්‍රාවේ සිටියේ ශ්‍රී ලාංකික සරණාගතයන් බවයි.

සිංගප්පූරුව ආසන්න මුහුදේ දී අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි එක් පුද්ගලයකු ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම්දිමෙන් පසු නාවික හමුදාව විසින් සිංගප්පූරුව, වියට්නාමය සහ ජපානය වෙත දැනුම් දී තිබේ. ජපානයේ නෞකාවක් විසින් එම පිරිස මුදවාගෙන ඇත.

ඔවුන් LADY R3 නමැති යාත්‍රාවකින් ගමන් කරමින් සිටි බවත් ඊයේ (07) අනතුරට පත්ව එම යාත්‍රාව ගිලී යාමේ අවදානමට ලක්ව ඇති බවත් පැවසේ. වියට්නාය සහ සිංගප්පූරුව අතර මුහුදේ දී මෙම පිරිස බේරාගෙන ඇති අතර ඔවුන් වියට්නාමයට ගෙන යන බව විදෙස් මාධ්‍ය පවසයි.

වියට්නාමයට ගොඩ බැසීමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාව සොයා බැලීමට නියමිතය.

Related articles

Recent articles

spot_img