-2.5 C
New York

රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවකු මරුට

Published:

කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ (07) සවස සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව පලුකන්දැව පදිංචිව සිටි දරුවෙකි.

ඔවුන් පඬුවස්නුවර වන්දනාවේ ගොස් ආපසු නිවස බලා එමින් සිටිය දී අනතුරට පත්ව ඇත. ත්‍රී රෝද රථය පදවා ඇත්තේ මියගිය දරුවාගේ පියා විසිනි. එම දරුවා රියදුරු අසුනේ පැමිණ ඇති බවත් පිටුපස අසුනේ සිටි මව සහ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා ද බරපතල තුවාල ලබා ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මව, පියා සහ 09 හැවිරිදි සොහොයුරිය යන තිදෙනාම මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර රථයේ සිටි තවත් කාන්තාවක් සහ එක් සොහොයුරියක් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබති.

පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථය අධික වේගය හේතුවෙන් පාලනය කර ගැනීමට නොහැකි වී පාරෙන් ඉවතට පැන ගස් දෙකක වැදී ඇතැයි ද පොලිසිය පවසයි.

ගල්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img