ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) රාත්‍රී පැවසීය.
මෙම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හික්කඩුව 04ක්, බලපිටිය 03ක්, රත්ගම, අම්බලන්ගොඩ, හබරාදුව හා ගෝනාපීනුවල 01 අයෙක් බැගිනි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 84ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙය ඊයේ (02) 16.00 පැය සිට අද (03) 16.00 පැය දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ නිල ලේඛනයයි.