-0.7 C
New York

යළි මුඛ ආවරණ අවශ්‍ය වෙයි

Published:

ඉන්ෆ්ලුවන්සා ‍රෝගයක් රටපුරා වේගයෙන් පැතිරයමින් පවතින බැවින් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නැවත අනුගමනය කරන්න යැයි කෙ‍ාළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

මේ දිනවල ඇති වාර්ෂාධික කාලගුණ තත්වයත්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඇති සීත දේශගුණික තත්වය සහ වර්ෂාවසාන උත්සව සමයත් හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වය තවත් වර්ධනය වීම වළක්වාගැනීම සඳහා එය වැදගත්වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එම ‍වයිරසය දින කිහිපයක් පැවතිය හැකි බවත් ගැබිනි කාන්තාවන්ට වැළඳුනහොත් දරු ගැබට ද සංකූලතා ඇතිවිය හැකි බව ඔහහු පවසයි.

මෙය සමාජය තුළ පැතිරීම වළක්වාගැනීමට සහ ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා මුඛ ආවරණ පැළඳීම, සංචරණය සීමා කිරීම සබන් යොදා නිතර දෑත් සේදීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img