රහස් පොලිස් නිලධාරියා නිසා මහාධිකරණ නඩු කල් තැබේ

0
77

කොරෝනා ආසාදනය වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ තිබීම හේතුවෙන් මහාධිකරණයේ නඩු අද (03) කල්තැබිණි.

මෙම රහස් පොලිස් නිලධාරියා පීසීආර් පරීක්ෂණයක් සඳහා සිය ජෛව සාම්පල ලබා දී එහි වාර්තාව පැමිණෙන තුරු නොසිට අධිකරණයට පැමිණ ඇතැයි ද වාර්තාවේ. ඔහුගේ ආශ්‍රිතයන් අද (03) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් එම වාර්තා ලැබෙන තුරු අධිකරණ කටයුතු කල් දමා ඇති බවත් බදුල්ල මහාධිකරණයේ ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here