තුර්කි භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර පැය 91ක කාලයක් සිරවී සිටි වයස අවුරුදු 02ක දැරියක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇත.
මෙම දැරිය නිවසේ ශක්තිමත් උපකරණයක් හේතුවෙන් බේරීමට සමත්ව තිබූ බව ද එම කණ්ඩායම පවසයි. අයිද්යා ගෙස්ගින් නමින් හඳුනාගෙන ඇති ඇය රෝහලට රැගෙන යන අවස්ථාවේ දී තම මව සොයා හඬා වැලපුණු බවත් ඉන් පැය කිහිපයකට පසු ඇගේ මවගේ මළ සිරුර සොයාගත හැකිවූ බවත් සහන සේවා කණ්ඩාම් පවසයි.
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 105ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 1,027කි.