5.4 C
New York

ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Published:

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැළියක දී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මෙම වෙඩිි තැබීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ද වාර්තා වේ.

හිටපු අගමැතිවරයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ආරක්ෂිතව ගුජ්රන්වාලා ප්‍රදේශයට ‍රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කඩිනමින් මැතිවරණයක් පවත්වන්න යැයි ඉල්ලා මේ විරෝධතාව සංවිධානය කර තිබිණි. නාඳුනන තුවක්කු කරුවකු විසින් කරන ලද මෙම වෙඩි තැබීමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ද එරට මාධ්‍ය පවසයි. අනෙකුත් තුවාලකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

‍ඉම්රාන් ඛාන්ගේ හිසට වෙඩි තබා ඇතැයි මුලින් තොරතුරු පැතිරගිය ද ඔහු ආරක්ෂිතව සිටින බව එම ඔහුගේ පක්ෂයේ ප්‍රකාශකයකු කියා ඇත.

සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිස්තාන පොලිසිය මාධ්‍යයට පවසා ඇත.

Related articles

Recent articles

spot_img