-2.5 C
New York

පාන්පිටි රුපියල් 96කින් අඩුකරයි. තවත් භාණ්ඩ කිහිපයක මිල පහළට

Published:

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල අද (03) සිට අඩු කිරීමට පියවර ගෙන ඇත.

පාන් පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 96.00කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105.00කින්, සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 22.00කින්, හාල්මැස්සන් කරවල කිලෝ ග්‍රෑමයක් රුපියල් 200.00කින් සහ රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 17.00කින් අඩුකර තිබේ.

ඒ අනුව ලංකා සතොස මගින් එම ද්‍රව්‍ය අළෙවි කරන්නේ පහත මිල ගණන් යටතේ ය.

සුදු සීනි කිලො ග්‍රෑමයක් රුපියල් 238.00

පාන් පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 279.00

වියළි හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,300.00

රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 398.00

දේශීය සැමන් ටින් එකක් රුපියල් 585.00

Related articles

Recent articles

spot_img