spot_img
spot_imgspot_img

ගුරු විශ්‍රාම වැටුප් ප්‍රමාද වන්නේ කලාප කාර්යාලවල වරදින්. නිලධාරීන්ගේ වැඩේ වෙලාවට කරගෙන

පුවත්

විදෙස්

අධ්‍යාපන කලාප කාර්යාලවල සිටින නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැන්වීමට අදාල ලිපිප ලේඛනවලින් 40%ක් ආපසු හරවා යැවීමට සිදුව  ද මේ නිසා ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමේ ප්‍රමාදයක් ඇති බව ද  විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී.ඩයස් පවසයි.

වසරකට රාජ්‍ය සේවකයන් 27,000ක් පමණ විශ්‍රාම ගන්නා බවත් ගුරුවරුන් 5,000ක් පමණ ඒ අතර සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළෙල්ය.

ගුරුවරුන්ගේ විශ්‍රාම යාමේ ලිපි ලේඛන අතරින් 40%ක් පමණ සම්පූර්ණ කර නොමැතිවීමෙන් ඒවා ආපසු හරවා යැවීමට සිදුව ඇත්තේ අධ්‍යාපන කලාප කාර්යාලවල නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ ලේඛන අසම්පූර්ණ ලෙස එවන කලාප කාර්යාලවල නිලධාරීන් තමන්ගේ විශ්‍රාම ගැන්වීමේ ලේඛන නිසි පරිදි පුරවා එවන බව ද ඔහු පෙන්වා දෙයි. මෙය ගුරුවරුන් සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලවල ඇති නොසැළකිල්ල බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යාමේ දී ඊට මාස හයකට පෙර අදාළ තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුව ද අධ්‍යාපන කලාප කාර්යාල නිසි පරිදි එම කාර්යය ඉටු නොකිරීම හේතුවෙන් ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම පවා ප්‍රමාද වෙයි. ඇතැම් ලිපි ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ මාස 06ක් පමණ ප්‍රමාද වී බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!