-2.5 C
New York

කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස රට යැවීමේ ජාවාරමක් හෙළිදරව් වෙයි

Published:

ශ්‍රී ලාංකීය කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස ඕමානයට විකිණීමේ ජවාරමක් හෙලිකරගත් බව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම ජාවාරම හෙළිකරගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් සහ එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඕමානයට ගොස් සිදුකරන ලද විමර්ශනයක දී ය.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් ඕමානයට යවන කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයට යොදවන බව එරට දී විවිධ තාඩන පීඩනවලට නතුව තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ සිටින කාන්තාවන් විසින් ද හෙළිදරව් කර ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ විදේශ රැකියා නියෝජිත ආයතන 07්ක් මේ වනවිට හඳුනාගෙන ඇති බැවින් ඒ සම්බන්ධ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව එම රැකියා ඒජන්සිවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ ජාවාරමට සම්බන්ධ ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු පිළිබඳව ද විමර්ශන ආරම්භ වී ඇති බවයි.

Related articles

Recent articles

spot_img