-2.5 C
New York

21 වැනි සංශෝධනය අද සිට බලාත්මක වෙයි.

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වුව ද 21 වැනි සංශෝධනය ලෙස බලාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන් තැබීම අද (31) සිදුවිය.

එය අත්සන් තැබූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයයි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු මස 10  වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුවව එය දෙවැනි වර කියවීමේ විවාදය 20 වැනි දා සහ 21 වැනි දා පැවැති අතර ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්දයක් ලැබිණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ දී සංශෝධන එකතු කෙරිණි.

තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ දී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 174 දෙනකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණක් විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව වැඩි ඡන්ද 173කින් එම සංශෝධනය සම්මත විය. තාක්ෂණික කාරණයක් හේතුවෙන් මෙම සංශෝධනය බලාත්මක වන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසිනි.

Related articles

Recent articles

spot_img