තල්මසුන් ආවේ “මලබාර්” නාවික අභ්‍යාසය නිසා

0
506

අපි උඹලාගේ ජීවිත රැක දෙන්න අපට කළ හැකි හැමදේම කළා.

සමාවෙයන් මිතුරිය නුඹේ ජීවිතය රැක ගන්න බැරි වුණ එක ගැන.

අප ඊයේ රාත්‍රීයේ මුහුද මැදට ගෙන ගිය තල්මසුන් සිව් දෙනෙකු

මේ වනවිට මිය ගොස් තිබේ.

ඒ පාඩම් රැසක් අප සියලු දෙනාට කියා දෙමිනි.

“ලංකාවේ බස්නාහිර වෙරළට ඊයේ දහවල් කාලයේ දී කළුමහ නැතිනම් pilot whale නමින් හැදින්වෙන විශේෂයේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන තල්මසුන් 60කට වැඩි රංචුවක් හදිසියේ ම පැමිණියා. එම තල්මසුන් සමග ඩොල්ෆින් කෙනෙකු ද පැමිණ තිබුණා. ඇත්තටම මේ සතුන් මේ ආකාරයට පැමිණියේ ඉන්දියාව ඇමරිකාව ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය හේතුවෙන් විය හැකියි.

ඒ නිසා මේ සතුන්ගේ ගමන් මාර්ග වැරදුන බව තමයි අපට හිතන්න වෙන්නේ. මේ තල්මසුන් සමග ඩොල්ෆින් කෙනෙකු පැමිණිමෙනුත් එය ඔප්පු වෙනවා.මේක ඉතාම බරපතල අපරාධයක්.” 

නයනක රංවැල්ල

පරිසර සංරක්ෂණවේදී

ඊයේ මේ තල්මසුන් යළි මුහුදට යැවීමට මහ රෑ පුරා වෙහෙසුණු පිරිස අතර නයනක රංවල්ල පරිසරවේදියා ද සිටියේය. ඔවුන්ගේ උත්සාසය අපතේ ගියේ නැත. දැනට වාර්තාවන්නේ පැමිණ ආපසු යැවූ තල්මසුන් අතරින් හතර දෙනකු මියගොස් ඇති බවයි. නයනක රංවැල්ල ඇතුළු කණ්ඩායමට අපේ විශේෂ ස්තූතිය හිමිකරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here