spot_img
spot_imgspot_img

වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි සිව්හැවිරිදි දරුවා මරුට

පුවත්

විදෙස්

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ පසුගිය 19වනදා සිදුවූ වෙඩිතැබීමකදී තුවාල ලබා බරපතල තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රණේපුර හේවගේ අනුත් සත්සර නැමැති දරුවෙකි.

අදාල ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකු ඉලක්කකර වෙඩි තැබීම සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් කුරුඳු තලමින් සිටි ඌරගස්මන්හන්දිය පදිංචි වෙඩික්කාරගේ සමන් කුමාර (33)නැමැත්තා මිය ගියේය. වෙඩි තැබීමේදී ඒ අසල සිටි ළමයාට ද තුවාල සිදුව ඇති අතර ඔහු කරාපිටිය රෝහලේ දැඩි සත්කාරඩ ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද(30) අලුයම මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී.56 ගිණි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂන වලදී අනාවරණය වූයේයැයි පොලිසිය සඳහන් කරයි. මියගිය 33 හැවිරිදි පුද්ගලයා මිනී මැරුම් නඩුවක සැකකරුවතු වන අතර අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි බවද පොලිසිය පවසයි.

මියගිය දරුවාගේ මරණය සම්බන්ද පශ්චාද් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!