10.2 C
New York

සෆාරි වාහන හැර වෙනත් වාහනවලට වනෝද්‍යානවලට යාමට අවසර නෑ

Published:

ලියාපදිංචි සෆාරි වාහන හැර වෙනත් කිසිම වාහනයක්  ජාතික වනෝද්‍යානවලට ඇතුළු කිරීමට නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නියෝගයක් ලබා දී තිබේ.

වනෝද්‍යානයේ මාර්ගවල බාධාවකින් තොරව ගමන් කළ හැකි වාහනවලට වනජීවී නියාමකයකු සහිතව නියමිත ගාස්තු ගෙවා ඇතුළුවීමට මීට ඉහත අවසර ලබා දී තිබිණි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‍මින් ඉදිරියට එවැනි වාහන වනෝද්‍යානවලට ඇතුළුවීම වළක්වන ලෙස සහ ඉතා ඉක්මණින් වනජීවී පනත සංශෝධනය කර ඉන් පසු එය නීතියක් ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා මන්නාරම සහ පුත්තලම අතර මාර්ගය වැටී ඇති බැවින් එම වනෝද්‍යානයට ද හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ද මෙම නීතිය අදාල නොවනු ඇත.

Related articles

Recent articles

spot_img