විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අද (26) පැවැති තරඟයකිින් එංගලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් අර්ලන්ත කණ්ඩායම ඕවර 19.2ක දී ලකුණු 157 ක් ලබාගත් අතර ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ලබා සිටියේ කඩුලු 05ක් දැවී ලකණු 105කි. එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඔවුන් ඒ වනවිට ලකුණනු 110ක් ලබා සිටිය යුතු විය.
මේ හේතුවෙන් අයර්ලන්තයට ලකුණු 05ක ජයග්‍රහණයක් හිමිවිය.