මෙලෙස මියගොස් ඇත්තේ පරගස්තොට, පැල්පොළ, ආවාරිගොඩ පදිංචි හර්ෂ ධනංජය නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ අතර විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායකයා ද විය.
ඔහු තම නිවසට ගොස් පසුගිය 20 වැනි දා යතුරුපැදියකින් නැවත නේවාසිකාගාරයට පැමිණි තිබිණි. නිවසේ තිබූ පරිගණකයක දෝෂයක් සම්බන්ධයෙන් ඔහු සිය නැගණිය සමඟ රාත්‍රී නින්දට යනතුරුම සාකච්ඡා කර ඇත. 21 වැනි දා උදෑසන ඔහු අවදි නොවූ බැවින් කාමරයේ සිටි අනෙක් මිතුරන් ඔහු රෝහල්ගත කර තිබේ.
රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු කීහ.
මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔහුගේ සිරුරේ තුවාල හෝ විෂ ශරීරගතවීමක් නොමැති බවයි. එමෙන් ම මරණයට වෙනත් හේතුවක් ද අනාවරණය නොවීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ සිරුරු කොටස් රස පරීක්ෂක වෙත යොමු කර ඇත.
මරණයට පැහැදිළි හේතුවක් මෙතෙක් අනාවරණය නොවීම හේතුවෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුර දෙමාපියන්ට බාර දීමට හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කර ඇත.