යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා

0
85

නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සෙබළු තිදෙනකු මෙල ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් තිදෙනා ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිය දී නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

නිලධාරින් තිදෙනෙක් සහ සාමාන්‍ය සෙබළු 239ක් සහ සිවිල් රාජකාරි කටයුතු වල නිරත වන පුද්ගලයින් 7 දෙනෙක් ඉකුත් 29 වනදා කොළඔ – මැලේ වීදියේ කඳවුරේ සිට එහි රැගෙනවිත් නිරෝධායනයට යොමුකර තිබේ.

මොවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතව ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here