-1.6 C
New York

පාසල් සිසුන්ගේ සාදයක් අතර මහවැලිි ගඟට වැටී සිසුවෙක් අතුරුදන්

Published:

මහනුවර වරාතැන්නේ, මහවැලි ගඟ ඉවුරේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු අද (19) සවස ගඟට ඇද වැටී එක් අයකු අතුරුදන්ව ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි.

දෙදෙනාගෙන් එක් අයකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවාගේ සිරුර සොයා ‍නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුම් ආරම්භ කර ඇත.

මහනුවර පාසල් කිහිපයක උසස් පෙළ හදාරමින් සිටින සිසුන් පිරිසක් මෙම සාදය පවත්වා තිබේ. එක් සිසුවකු ගඟට ඇද වැටෙද්දී ඔහු බේරාගැනීමට තවත් සිසුවකු පැන ඇති අතර දෙදෙනා සැඩ පහරට හසුව ගසාගෙන යද්දී එක් සිසුවෙක් ගඟ මධ්‍යයේ ඇති ගල් පරයක එල්ලී ඇත. ඔහු නිරුපද්‍රිතව ආපසු ගොඩට ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට පැයකට වැඩි කාලයක් ගත වූ බව ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img