කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 20,274ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,880ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 109ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,983  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් ‍පොහොර සමාගම රුපියල් මිලියන 383
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 221
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 169

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 20
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • එච්ඩීඑෆ්සී බැංකුව 18%
  • ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 18%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 07ක් රුපියල් 106.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 466,000ක් රුපියල් 78.50 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 250,000ක් රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 314
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • නන්ද ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 136ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 87ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 92
  • එක්ස්පෝ ලංකා සමාගම රුපිියල් මිලියන 15
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 02
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles