spot_img
spot_imgspot_img

ඉන්ධන මිල අඩු වෙද්දී බස් ගාස්තු, ත්‍රී රෝද ගාස්තු අඩු නොකරයි

පුවත්

විදෙස්

ඩීසල් මිල පහත දමා ඇතත්  බස් ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොවන බව වාර්තා වේ.

ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ පවසන්නේ බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල 4%කින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවයි. රුපියල් 430.00ට පැවති ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් අඩු කිරීමේ දී 4%කින් අඩු වී නැතැයි ඔහු පවසයි. එබැවින් බස් ගාස්තු පහළ දැමිය නොහැකි බව හෙතෙම කීවේය.

පෙට්‍රල් මිල අද රුපියල් 40.00කින් සහ මීට ඉහත රුපියල් 40.00කින් වශයෙන් මාසයක කාලයක් ගත වීමට පෙර රුපියල් 80.00කින් අඩු ව ඇතත් ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අය කළ නොහැකියැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.

ඔවුන් පවසන්නේ ගාස්තු අඩු කිරීමට නම් ත්‍රී රෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කළ යුතු බවයි.

දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දිය යුතුයැයි ද ඒ අනුව සතියකට ලීටර 35ක් අවශ්‍ය බව ද ඔහු පවසයි. සතියකට ලීටර 05ක කෝටාව ප්‍රමාණවත් නැති බැවින් පිටතින් ඉන්ධන වැඩි මිලට මිල දී ගැනීමට සිදුව ඇති බව ඔහු කීවේය.

දැන්, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!