5.4 C
New York

ඉරානයේ දේශපාලන සිරකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක ගින්නක්

Published:

දේශපාලන සිරකරුවන් රඳවා තිබෙන ඉරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් සිරකරුවන් හතරදෙනකු මියගොස් 61දෙනකු තුවාල ලබා තිබේ.

අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පටවල අහසට විහිදෙන ගිනිදැල් දක්නට ලැබෙන අතර වෙඩි හඬ සමග පිපිරුම් හඬ ද ඇසෙයි.

ඉරානයේ සති ගනනාවක් තිස්සේ රාජ්‍ය විරෝධී විරෝධතා පැවැත්විණ.

ඒවා මුලින්ම ඇතිවූයේ පසුගිය මාසයේ 22 හැවිරිදි කුර්දි ඉරාන ජාතික මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසුවය. ඇය හෘදයාබාධයකින් මිය ගිය බව නිලධාරීහු පැවසූ නමුත් ඇගේ පවුලේ අය මේ සම්බන්ධයෙන් ආරවුලක් ඇති කළේ ඇයට පොලිසියෙන් පහර දුන් බව පවසමිනි.

BBC පර්සියානු මාධ්‍යවේදියෙකු වන Rana Rahimpour පැවසුවේ බන්ධනාගාරයේ තත්ත්වය මෑත කාලීන පෙළපාලිවලට සම්බන්ධ දැයි තවමත් නොදන්නා බවයි.

නමුත් විරෝධතාකරුවන් සිය ගණනක් එවින් වෙත යවා ඇති බැවින් මෙය පහසුවෙන් සිදුවිය හැකි බව රානා පැවසීය.

බන්ධනාගාරය තුළ සිට කතා කරමින්, ටෙහෙරාන් ආණ්ඩුකාරවරයා රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ, බන්ධනාගාරයේ කුඩා අපරාධකරුවන් නවාතැන් ගත් අංශයක කැරැල්ලක් ඇති වූ බවත්, දැන් තත්වය සම්පූර්ණයෙන්ම සන්සුන් බවත්ය.

https://www.bbc.com/news/world-asia-63271817

Related articles

Recent articles

spot_img