5.4 C
New York

උගන්ඩාවේ ඉබෝලා: දිස්ත්‍රික්ක දෙකක් සති තුනකට අගුලු දමයි

Published:

ඉබෝලා වසංගතය හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක සති තුනක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර ඇත.

මුබෙන්ඩේ සහ අසල්වැසි කස්සන්ද දිස්ත්‍රික්ක දෙකෙහි බාර්, රාත්‍රී සමාජශාලා, ආගමික ස්ථාන සහ විනෝදාස්වාද ස්ථාන මෙලෙස වසා තබන අතර ඇඳිරි නීතිය ද බලාත්මක වේ.

එවැනි ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බව මීට පෙර ප්‍රකාශ කළ උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනිගේ මෙම පියවර U-turn එකක් ලෙස විචාරකයෝ සඳහන් කරති.

මෙම නවතම වසංගත තත්ත්වයෙන් වාර්තා වූ රෝගීන් 58 ක් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇත.

කෙසේ වෙතත්, සැබෑ මරණ සහ සිද්ධීන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකිබව සෞඛ්‍ය අංශ පවසයි.

කම්පාලා අගනුවර සිට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) පමණ දුරින් පිහිටි මුබෙන්ඩේ හි  රෝගීන් වාර්තා වීම ආරම්භ වූ අතර එය කේන්ද්‍රස්ථානය ලෙස පවතී.

ජනාධිපති මුසවේනි මීට පෙර අගුලු දැමීම් ප්‍රතික්ෂේප කළේ ඉබෝලා වාතයෙන් බෝවන වෛරසයක් නොවන බැවින් Covid-19 වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බව පවසමිනි.

නමුත් සෙනසුරාදා ඔහු දින 21 ක් මුබෙන්ඩේ සහ කස්සන්ද දිස්ත්‍රික්කවල සහ ඉන් පිටතට යන සියලුම සංචරනයක් නතර කළේය.

භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථවලට තවමත් එම ප්‍රදේශවලට ඇතුළුවීමට සහ පිටවීමට අවසර දෙන නමුත් අනෙකුත් සියලුම ප්‍රවාහනය නතර කරන බව ඔහු පැවසීය.

“මේවා ඉබෝලා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තාවකාලික පියවරයන්,” ඔහු රූපවාහිනී දේශනයකදී පැවසීය. අපි සියලු දෙනාම බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, හැකි ඉක්මනින් මෙම වසංගතය අවසන් කරන්නෙමු.”

https://www.bbc.com/news/world-africa-63273603

Related articles

Recent articles

spot_img