-1.6 C
New York

මහ වැසි ඇතිවීමට හේතුව මෙන්න

Published:

ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිත පහළ වායුගෝලයේ ඇති වූ කැලඹිලි ස්වභාවය ‍හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලි මීටර 100 ඉක්මවූ මහ වැසි ඇතිවිය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (12) රාත්‍රියේ සිට ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට අඛණ්ඩව වැසි ඇදහැළෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි.

රටේ අනෙකුත් ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

Recent articles

spot_img