-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 30,180 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,035 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 304ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,744  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 755
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 536
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 319

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 18
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 5.9
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 5.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 20%
  • ටැන්ජරීන් හෝටල් සමාගම 09%
  • ෆෝට්රස්ට් හොටෙල් සමාගම 06%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 5.475ක් රුපියල් 129.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 283
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 864ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 35ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 829ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 687
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 89
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 25

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.5
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img