කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශය දැඩි පරිශ්‍රමයක් දරයි.
සෑම දිනකම පැය 24 පුරාම මෙම කටයුතු සිදුවුව ද වෛද්‍යවරු පවසන්නේ රෝගීන් පිළිබඳ නිල ලේඛන හා ඔවුන්ගේ තොරතුරු තමන් වෙත ලැබෙන්නේ සවස් කාලයේ බැවින් රාත්‍රිය පුරා මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ නගර සභාව විසින් බස් රථ පහක් යොදවාගෙන රෝගීන් සහ ආශ්‍රිතයන් යැවීමට කටයුතු යොදා තිබිණි.
කොළඹ මහා නගර සභා මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවත්තගේ පවසන්නේ මේ වනවිට දිනකට කොළඹින් වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය අඩුවී තිබෙන බැවින් ඊයේ (02) රාත්‍රියේ යොදා ගත්තේ බස් රථ තුනක් පමණක් බවයි.
මෙම මෙහෙයුම සදහා කොළඹ මහා නගර සභාවේ සෙසු නිලධාරීන් ද කොළඹ නගරාධිපතිනිි රෝසි සේනානායකගේ උපදෙස් හා මගපෙන්වීමෙන් මෙම කාර්ය සඳහා විශාල සහයෝගයක්බා ලබා දෙන බවත් සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් වෙහෙස නොබලා පැය 24 ම සේවයට කැපවී සිටින බවත් වෛද්‍ය අධිකාරීවත්තගේ පවසයි.