-2.2 C
New York

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් ශූරතාව දිනා ගනී

Published:

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම “රෝඩ් සේෆ්ටි” ලෝක ශූරතා තරඟවාලියේ ජයග්‍රහණය ලැබීමට සමත්විය.

අවසන් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 06ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 195ක් ලබා ගත්තේය.

ලකුණු 196ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථකවීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැත. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 162කට දැවී ගියේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 33ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

පසුගිය තරඟාවලියේ දී මෙන් ම අවසන් මහා තරඟයේ ප්‍රතිවාදීන් බවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පත් වූ අතර පසුගිය තරඟාවලියේ දී මෙන් මෙවර ද එහි අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

Related articles

Recent articles

spot_img