දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු

0
556

ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය.

ගෝනපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිංකන්ද චීන මිත්‍රත්ව ගම්මාන ප්‍රදේශයෙන් ඊයේ (02) ආසාදිත බව තහවුරු වූ ධීවරයා මෙම ධීවර වරායේසිට ධීවර කර්මාන්තයේ යෙදෙන අයකු වීමත් ඔහු දොඩංදූව ධීවර වරායේ ධීවරයන් ඇතුළු විශාල පිරිසක් ඇසුර කර තිබීමත් හේතුවෙන් කඩිනමින් අද (03) කඩිනමින් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට හේතු වී තිබිණි.

දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජංගම රසායනාගාරය ද මේ ස්ථානයට පැමිණ තිබිණි. සෞඛය අංශ පවසන්නේ අද සවස 1.00 පමණ වනවිට පුද්ගලයන් 200ක පමණ පිරිසකගේ ජෛව සාම්පල ලබාගත් බවයි. තවත් පුද්ගලයන් 150ක පමණ පිරිසකගේ අද (03) ජෛව සාම්පල ලබාගැනීමට සැළසුම් කර ඇති බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

( සටහන සහ ඡායාරූප – එල්.එච්.ගයාන් මහේෂ්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here