විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට සති 24ක් දක්වා වූ කලල ගබ්සාවකින් ඉවත් කළ හැකි බවට ගබිසා නීතිය සංශෝධනය කෙරෙනු ඇත.
තනිකඩ කාන්තාවන් ඇතුළත් නොවන කණ්ඩායම් කිහිපයක් ලැයිස්තුගත කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් මත මෙම අධිකරණ තීන්දුව ලැබුණි.
ගබ්සා කිරීම් ඉන්දියාවේ 1971 සිට නීත්‍යානුකූල කර ඇත. නමුත් ඉන්දියාවේ ගැහැණු කළල ගබ්සා කිරීමේ වැඩි ප්‍රවණතාව හේතුවෙන් ගැබ් ගැනීමක් අවසන් කළ හැක්කේ කාටද යන්න පිළිබඳව දැඩි නීති රීති සම්පාදනය කර ඇත. සාම්ප්‍රදායිකව, ඉන්දියානුවන් ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට වැඩි කැමැත්තක් දක්වයි.
පසුගිය වසරේදී රජය විසින් සති 20 ත් 24 ත් අතර ගබ්සා කිරීම් සඳහා කාන්තාවන් කාණ්ඩ කිහිපයකට අවසර දීම සඳහා වෛද්‍ය ගැබ් ගැනීම අවසන් කිරීමේ පනත (MTP) සංශෝධනය කරන ලදී.
මෙම ලැයිස්තුවට ස්ත්‍රී දූෂණයෙන් දිවි ගලවා ගත් අය, බාලවයස්කරුවන්, මානසික ආබාධ සහිත කාන්තාවන්, විශාල අසාමාන්‍යතා ඇති කළල සහිත කාන්තාවන් සහ ගර්භණී සමයේදී විවාහක තත්ත්වය වෙනස් වූ විවාහක කාන්තාවන් ඇතුළත් විය. අවිවාහක කාන්තාවන් ද එයට ඇතුළත් කළ යුතු බවට බ්‍රහස්පතින්දා තීන්දුවෙන් පැහැදිලි විය.
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවේ අනවශ්‍ය ගැබ් ගැනීමක් ගබ්සා කිරීමේ අයිතිය කාන්තාවකට අහිමි කිරීමට ඇයගේ විවාහක තත්ත්වය හේතු විය නොහැකි බවයි.
මෙම නීතිය යටතේ ස්ත්‍රී දූෂණය යන්නෙහි අර්ථයට සැමියන් විසින් ලිංගික අතවර කිරීම් ඇතුළත් වන බව ද විනිසුරුවරු පැවසූහ.
ඉන්දියාව තවමත් විවාහක දූෂණය අපරාධයක් බවට පත් කර නැත. වත්මන් නීතිවලට අනුව, බාලවයස්කාර නොවන “පිරිමියෙකු තම බිරිඳ සමඟ” ලිංගිකව හැසිරීම ස්ත්‍රී දූෂණයක් නොවේ.
මැයි මාසයේදී දිල්ලි මහාධිකරණය බ්‍රිතාන්‍ය යුගයේ නීතිය නීති විරෝධී කිරීමට උත්සාහ කරන නඩුවක බෙදුම් තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර විනිසුරුවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කළහ.
එම නඩුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.