ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවිය හැකි විනාශයකින් පෘථිවිය ආරක්ෂාකර ගැනීම සඳහා නාසා අායතනය විසින් සිදුකළ සජීවී පරීක්ෂණයක් සාර්ථක ප්‍රථිඵල ලබා තිබේ.
පෘථිවිය දෙසට පැමිණෙන විශාල ග්‍රහකයක් සාර්ථකව හරවා යැවිය හැකිදැයි බැලීම සඳහා සිදුකළ මෙම මෙහෙයුම ඩාර්ට් හෙවත් ද්විත්ව ග්‍රහක යළි හරවා යැවීමේ පරීක්ෂණය ලෙස හැඳින්වෙයි. ඒ අනුව නාසා ආයතනය විසින් යවන ලද ඩාර්ට් යානය පෘථිවියේ සිට සැතපුම් මිලියන 6.8 ක් දුරින් පිහිටි ඩිමෝෆෝස් නම් ග්‍රහකයට සාර්ථකව කඩා වැටුණි.
2021 නොවැම්බර් මාසයේදී SpaceX රොකට්ටුවක් මගින් දියත් කරන ලද ඩාර්ට්, නාසා හි පියාසැරි අධ්‍යක්ෂවරුන්ගේ මගපෙන්වීම යටතේ එහි ගමනේ වැඩි කොටසක් සිදු කරන ලද අතර ගමනේ අවසාන පැය කිහිපය තුළ පාලනය ස්වයංක්‍රීය අභ්‍යන්තර පද්ධතියකට භාර දෙන ලදී.
DART හි ඉලක්කය වූයේ අඩි 560 (මීටර් 170)ක පමණ විෂ්කම්භයකින් යුත් දිගටි හැඩයෙන් යුත් ඩිමොෆොස් ග්‍රහකයයි. අභ්‍යවකාශ යානය පැයට සැතපුම් 15,000 ක වේගයෙන් ග්‍රහකයේ ගැටී ඇත. නාසා ඉංජිනේරුවන් පැවසුවේ අභ්‍යවකාශ යානය කැබලිවලට කඩා වැටී ඇති අතර ග්‍රහකයේ ගල් පර්වත සහිත පෘෂ්ඨයේ යානය ගැටුණු ස්ථානයේ කුඩා ආවාටයක් ඉතිරි කර ඇති බවයි.
මෙහෙයුමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී, ඩාර්ට් විද්‍යාඥයින්, මෙහෙයුම සාර්ථක වූවක් ලෙස විස්තර කළ නමුත් ඩිමෝෆෝස්ගේ ගමන් පථය වෙනස් කිරීමේ අවසාන අරමුණ අභ්‍යවකාශ යානය සාර්ථක වූයේ දැයි දැන ගැනීමට මාස දෙකක් පමණ ගත වන බව ද සඳහන් කළේය.
ඩිමෝෆස් යනු නාසා විසින් නිරීක්ෂණය කරන ලද පෘථිවියට ආසන්න ග්‍රහක 27,500න් එකකි. ඩිමෝෆස්ගේ ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවිය සම්පූර්ණයෙන් විනාශ කිරීමට සමත් නොවන නමුත් එක එල්ලේ සිදුවන ගැටීමකදී ප්‍රධාන නගරයක් සමතලා කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති.
ඉදිරියේදී ග්‍රහකයකින් පෘථිවියට සිදුවිය හැකි අනතුරක් හඳුනාගෙන නොමැති නමුත් නාසා ආයතනය පවසන්නේ හඳුනා නොගත් තවත් බෝහෝ ග්‍රහක පෘථිවිය ආසන්නයේ පවතින බවයි.
මෙම පරීක්ෂණය, ග්‍රහකයක හෝ ඕනෑම ආකාශ වස්තුවක චලිතය වෙනස් කිරීම සඳහා මානව වර්ගයාගේ පළමු උත්සාහය ලෙස ඉතිහාස ගතවෙයි.