spot_img
spot_imgspot_img

පොලිස් සැරයන් සිය දිවි නොතකා මංකොල්ලයක් වළක්වයි

පුවත්

විදෙස්

තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු සිය දිවි පරදුවට තබා කටයුතු කර මංකොල්ලයක් වළක්වා සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

තියුණු ආයුධ සහ ගිනි අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනාට පහර දී සැරයන්වරයා විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුවක තැන්පත් කිරීමට ගෙන යන මුදල් කොල්ලකා පලා යමින් සිටිය දී ය. කොල්ල කෑ මුදල රුපියල් ලක්ෂ 223කට අධිකය.

තඹුත්තේගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් 42313 චමිල බුද්ධික නමැති මෙම නිලධාරියා ඔවුන්ට පහර දෙද්දී කොල්ලකරුවන් ද සිය ගිනි අවි ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන ඇතත් එය අසාර්ථක වී ඇත. සැරයන් වරයා ඔවුන් දෙදෙනාට පහර දී අල්ලාගෙන ඇත.

ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් පැමිණ මුදල් රැගෙන බැංකුවට යද්දී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් ව්‍යාපාරිකයාට මිරිස් කුඩු ගසා ඔහු සතුව තිබූ මුදල් බෑගය පැහැරගෙන ඇත. ව්‍යාපාරිකයා ඔවුන් සමඟ පොරබදද්දී මුදල් විසිරී ඇති අතර කොල්ලකරුවන් ඒවා අහුලාගෙන යාමට උත්හා ගනිද්දී ඒ අසලින් ගමන්කරමින් සිටි සැරයන් වරයා ක්‍රියාත්මක වී තිබේ.

කොල්ලකරුවන දෙදෙනා පොලිසිය භාරයට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!