කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 27,083 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,571 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,844 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,056
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 364
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 169
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 20
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මල්ටි ෆිනෑන්ස් සමාගම 16%
- ඒසියා ඇසට් සමාගම 11%
- සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 10%
සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු
- ඩයලොග් සමාගම කොටස් මිලියන 6.8ක් රුපියල් 8.90 බැගින්
- රිචඩ් පීරිස් සමාගම කොටස් 883,000ක් රුපියල් 33.20 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 552,000 රුපියල් 142.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 7.51ක් රුපියල් 228.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 437
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 241
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 2,138ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 354ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,784ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,764
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියන 13
- ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 03
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ