සාත්තු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල ඊයේ (02) රාත්‍රී සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
හැඳල වත්තල පදිංචි මෙම සාත්තු සේවිකාව පසුගිය 09 වැනි දා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැළට ගොස් මාළු මිලදී ගෙන ඇත. ඊයේ (02) ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු විය.
රෝහල වසා දමා වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර නේවාසිකව සිටි රෝගීන් තිදෙනකු ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.