-2.5 C
New York

දුම්රියේ ආදායම කෝටි 260 යි. සේවකන්ට OT පමණක් කෝටි 230ක් ගෙවලා

Published:

දුම්රිය දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ ලැබූ ආදායම රුපියල් කෝටි 260ක් බවත් ඉන් රුපියල් කෝටි 230ක් ම වැයකර ඇත්තේ සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීමට බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ දී වැයකර ඇති සමස්ත සේවක වැටුප රුපියල් කෝටි 700කි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් බිලියයන 2.6 ක් ලෙස තිබිය දී සමස්ත වැටුප් සඳහා රුපියල් බිලියන 07ක් සහ අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 2.3ක් වශයෙන් බිලියන 9.3ක් ගෙවීමට සිදුවීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරා ගත නොහැකි පාඩුවක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ නිසා දුම්රිය ගාස්තු දෙගුණයක් කිරීමට සිදුවූ බව ද ආදායම සරිලන ආකාරයෙන් වියදම් කළමනාකරණය නොකරන්නේ නම් දුම්රිය සේවාව පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු කීවේය.

Related articles

Recent articles

spot_img