කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 36,471 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,110 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 88ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,001 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 478
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 355
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 302
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 09
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කාර්ගෝ බෝට් සමාගම 22%
- ටී ස්මෝල් හෝල්ඩර්ස් සමාගම 19%
- ඊස්ටර්න් මර්චන්ට් සමාගම 18%
සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු
- රිචඩ් පීරිස් සමාගම සමාගම කොටස් 1,00,000ක් රුපියල් 32.50 බැගින්
- ලංකා ඇලුමිනියම් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 10.70 බැගින්
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගමේ කොටස් මිලියන 1.6ක් රුපියල් 45.00 බැගින්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 37.50 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.2ක් රුපියල් 228.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 438
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 198
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 357ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 33ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 324ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 318
- ප්‍රින්ට් කෙයාර් සමාගම රුපියල් මිලියන 04
- හේලීස් සමාගම රුපියල් මිලියන 3.8
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ෆොර්ට් ලෑන්ඩ් සමාම) රුපියල් මිලියන 5.8
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4.0
- අමානා බැංකුව රුපයිල් මිලියන 1.7
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ