චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු දින 17කට පසු බේරාගෙන තිබේ.
සැප්තැම්බර් 5 වන දින සිචුවාන් පළාතට බලපෑ රිච්ටර් මාපක 6.6 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ගැන් යූ නැමැති මෙම පුද්ගලයා ජලවිදුලි බලාගාරයක රාජකාරියේ යෙදී සිටියදී භූමි කම්පාව හටගෙන ඇති අතර විපතට පත්වූ අයට උපකාර කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
බදාදා (21) ප්‍රදේශයේ ගැමියෙකු විසින් ජීවතුන් අතර සිටි ගැන් යූ සොයා ගන්නා ලදී. ඒ වනවිට ඔහු තුවාල ලබා සිටියේය.
Gan මහතා සහ ඔහුගේ සගයා Luo Yong සැප්තැම්බර් 5 වන දින වැන්ඩොං ජලවිදුලි බලාගාරයේ රැඳී සිටියේ තුවාල ලැබූ සගයන්ට ප්‍රථමාධාර ලබා දීමට සහ වේල්ලකින් ජලය මුදා හැරීමෙන් ගංවතුර වැළැක්වීමට උපකාර කිරීමටය.
ඉන්පසු ඔවුන් බලාගාරය අවට කඳුකරයේ කිලෝමීටර් 20ක් (සැතපුම් 12ක්) පයින් ඇවිද යාමට උත්සාහ කළහ.
භූමිකම්පාවෙන් ගැන්ගේ කණ්නාඩි අහිමි වූ අතර, ඔහු අතුරුදන් වී ඇතැයි ජාතික ගුවන් විදුලිය (CNR) වාර්තා කළේය.
“අපි අපේ ඇඳුම් ගලවලා, ගස්වල අතුවල එල්ලලා, එහාට මෙහාට වැනුවා,” Luo මහතා පැවසීය.
අවසානයේදී ලුඕ මහතා උදව් සෙවීමට ගියේ ගැන් මහතාට පාසි සහ උණ කොළ සහිත තාවකාලික ඇඳක් සහ වල් පලතුරු සහ උණ රිකිලි කිහිපයක් අනුභව කිරීමට ඉතිරි කරමිනි.
සැප්තැම්බර් 8 වන දින Luo මහතා සොයා ගන්නා ලද නමුත් දින තුනකට පසු ඔහුගේ සගයාගේ නවාතැන සොයා ගන්නා විට, ගැන් මහතා එහි සිටියේ නැත.
ඉවත දැමූ ඇඳුම් පමණක් සොයා ගත් අතර, ඔහු හයිපෝතර්මියාවෙන් මිය යන්නට ඇතැයි විශ්වාස කළහ.
පසුව, ගොවියෙක් තම දේශීය දැනුම උපයෝගී කරගනිමින් ගවේෂණයට සම්බන්ධ විය. පැය කිහිපයකට පසු ගැන් මහතාගේ කෑගැසීම ඔහුට ඇසුණු අතර ගස් යට වැතිරී සිටියදී ඔහුව සොයා ගත්තේය.
Gan මහතා රෝහලක් වෙත ගෙනගිය අතර එහිදී ඔහුට අස්ථි බිඳීම සඳහා ප්‍රතිකාර කරන ලදී.