-3.4 C
New York

දේශපාලන කුණු ගොඩට බහින්න දමිතා සූදානමින් ?

Published:

තමන්ට දේශපාලන කුණු ගොඩට බැසීමට සිදුවනු ඇතැයි ද ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නවා යැයි ද දමිතා අබේරත්න පවසයි.

දේශපාලන පක්ෂ හා පාට සමඟ හිටගත් අයට ආරක්ෂාවක් ඇති බවත් තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් දේශපාලනය කරන්න සිදුවන්නේ නම් නිවැරදි තැන හිටගන්නා බවත් ඇය අද කීවාය.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මට දැනෙනවා මේ රටේ ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වල දී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න මම දන්නවා. හැම තැන ම නරක මිනිස්සු හොරු ඉන්නවා. මේ කුණු ගොඩට බහින්න වෙනවා. අපිට ඡන්දයකට යනවා හැර වෙන විකල්පයක් නෑ”

Related articles

Recent articles

spot_img