ටීනියා නමින් හඳුන්වන සමේ රෝගයකට නිසි ප්‍රතිකාර ගැනීමට ජනතාව යොමු නොවීම හේතුවෙන් එය අනුරාධපුරයේ ප්‍රදේශ ගණනාවක පැතිරයාමේ අවදානමක් ඇතැයි අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලේය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් පවසයි.
මෙය දිලීර ආසාදනයකි. එය කෙනෙකුට වැළඳුණහොත් ස්පර්ශයෙන්, ඇඳුම්වලින් තවත් අයකුට බෝවීමේ අවස්ථාව ඇත. සම මතුපිට තෙතමනය රැෙඳෙන කිහිලි, ඉකිළි, පියයුරු යට, ගෙල යට, හිසෙහි කොණ්ඩයට යටින් මෙම දිලීර ආසාදය පහසුවවෙන් වර්ධනය වෙයි. ඊට අමතරව සිරුරේ ඕනෑම ස්ථානයක බෝවීමට ඉඩ ඇත.
සිරුරේ කුඩා බිබිළක් හෝ බිබිළි කිහිපයක් හෝ ලෙස ආරම්භ වන මෙම ආසදනය ක්‍රමයෙන් සම පුරා වක්‍රාකාරව හෝ එවැනි පැල්ලම් කිහිපයක් ලෙස හො පැතිර යයි. දිලීර ආසාදනයේ වටේ දාරය තරමක් ඉස්සී තිබීම ද විශේෂත්වයකි. රාත්‍රී කාලයේ දී දැඩි කැසිල්ලක් හටගන්නා බැවින් බොහෝ විට එම දිලීර ඇති ස්ථාන තුවාල වෙයි
වෛද්‍ය හේමා වීරකෝන් පවසන්නේ අනුරාධපුරයේ කහටගස්දිගිලිය, මැදවච්චිය, නාච්චදූළු, නොච්චියාගම යන ප්‍රදේශවල මේ දිනවල ටීනියා රෝගය බහුලව වාර්තාවන බවයි.
මේ සඳහා ප්‍රතිකාර ඇති බවත් වෛද්‍යවරයකුගෙන් නියමිත ප්‍රතිකාර ලබාගෙන ඖෂධ නියමිත මාත්‍රාවකින් භාවිතා කළ යුතු බවත් ඇය පෙන්වා දෙයි. පානය කරන ඖෂධ අවසන්වනතුරු නොගෙන අතරමග නැවැත්වීමේන හෝ නිසි පරිදි ප්‍රතිකාර නොගැනීමෙන් එම දිලීරය අදාල ඖෂධයට ප්‍රතිරෝධ දක්වන මට්ටමට වර්ධනය වී තවත් අයකුට බෝ විය හැකි බව වෛද්‍යවරිය කීවාය.
මේ සඳහා නියමිත ඖෂධ සති 06ක කාලයක් භාවිතා කළ යුතුය. ඒ අනුව සති හයක කාලයක් එම ඖෂධ නිසි පරිදි භාවිතා කිරීමෙන් දිලීර රෝගය රටපුරා ව්‍යාප්තවීම වළක්වා ගත හැකි බව ද ඇය පවසයි.
ටීනියා තත්වය ඇති කරන විවිධ වර්ගයේ දිලීර (ටීනියා) ආසාදන ශරීරයේ ඇති ස්ථාන සඳහා නම් කර ඇත. වඩාත් පොදු වර්ග වන්නේ:
- Athlete’s foot (tinea pedis) මෙම පොදු වර්ගය පාදවල සහ ඇඟිලි අතර ඇතිවේ. එය දහඩිය දැමීම, වතුර පාදයේ ගැටීමෙන් පසු වියළීම නොකිරීම, තද මේස් සහ සපත්තු පැළඳීම සහ උණුසුම් කාලගුණය නිසා ඇති විය හැක.
- Jock itch (tinea cruris) මෙම කුෂ්ඨය ඇති වන්නේ ඉන වටා සහ ඊට පහළ ප්‍රදේශයේ ය. සුව කිරීම තරමක් අපහසුය. මෙම තත්ත්වය පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන අතර කාන්තාවන් තුළ දුර්ලභ වේ. උණුසුම් කාලගුණය තුළ එය බොහෝ විට සිදු වේ.
- Scalp ringworm (tinea capitis) හිස්කබලේ ringworm හිස මත ඇතිවේ. එය ඉතා ඉක්මණින් තවත් අයකුට බෝවෙයි
- Nail infection (tinea unguium or onychomycosis) මෙය නියපොතු වල ආසාදනයකි, සමහර විට නියපොතු ඝන, විකෘති සහ අවපැහැ ගැන්වීමට හේතු වේ.
- Body ringworm (tinea corporis) මෙය ශරීරයේ හෝ මුහුණේ ඕනෑම තැනක ඇතිවේ. නමුත් සමේ නැමීම් වලදී එය බහුලව දක්නට ලැබේ. එය උණුසුම් දේශගුණයක් තුළ ද බහුලව දක්නට ලැබේ.