spot_img
spot_imgspot_img

යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර තොරතුරු පළවෙමින් පවතී.

රුසියන් හමුදා විසින් අත්පත් කරගෙන සිටි කාර්කිව් ප්‍රදේශයේ මුදාගත් ස්ථානවල මාර්තු මාසයේ සිට රුසියන් හමුදා යටතේ සිටි ශ්‍රී ලාංකික තරුණියක ඇතුළු 07 දෙනකු නිදහස් කරගත් බව රුසියන් ජනාධිපතිවරයා කීවේය.

යුක්රේන මාධ්‍ය පවසන්නේ රුසියන් හමුදාව යුක්රේනය ආක්‍රමණය කරද්දී එම සිසුන් 07 දෙනා තමන් සිටි ස්ථානවල සැඟවී සිටිය දී රුසියන් හමුදා ග්‍රහණයට පත්ව තිබේ. යුක්රේන මාධ්‍ය පවසන්නේ ඔවුන්ට කිසිදු මුදලක් නොගෙවා ඔවුන්ගෙන් රුසියන් හමුදා බරපතල වැඩ අරගෙන ඇති බවයි. ශ්‍රී ලාංකික සිසුන් ගැන ද සඳහන් කරමින් යුක්රේන මාධ්‍ය එම නගරවල සිටි සිවිල් වැසියන්ට රුසියන් හමුදා හිරිහැර කර ඇතැයි ද පවසයි. ශ්‍රී ලාංකික සිසුන් කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බව ද සඳහන් වේ. රුසියන් හමුදාව පවසන්නේ සැප්තැම්බර් 15 වැනි දා මුදවා ගන්නා ලද මෙම සිසුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි.

රුසියානු හමුකාව එම ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් තමන් සිටි කුලී නිවසේ සැඟව සිට ඇති අතර පසුව වෙනත් පළාතකට යෑමට තැත් කිරීමේදී රුසියානු හමුදාවන් ඔවුන් අල්ලාගෙන දෑස් බැඳ හඳුනා නොගත් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි යුක්රේන මාධ්‍ය පවසයි.

නමුත් රුසියන් මාධ්‍ය පවසන්නේ යුක්රේන විශේෂ බළකා ක්‍රමවේදයන් භාවිත කරමින් කුපියාන්ස්ක් එම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් කර් කිව් පළාතේ හඳුනා නොගත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවයි.  එමගින් යුක්රේනය හමුදාව සහ සිවිල් වැසියන් අතර වැරදි මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ ගන්නා බව ද රුසියන් මාධ්‍ය වාර්තා පෙන්වයි.

මේ බව මිලිටරි-සිවිල් පාලනයේ ප්‍රධානි විටාලි ගන්චෙව් ප්‍රකාශ කළ බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර් තා කළේය.

යුක්රේනය, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා තම ජනතාවගේ ජීවිත පරදුවට තබන බව විටාලි ගන්චෙව් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා සිසුන් 7 දෙනා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු හමුදාවන්ට චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පැවැසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!