spot_img
spot_imgspot_img

වසර 70කට පසු චීටා සතුන් ඉන්දියාවේ වනෝද්‍යානවලට මුදාහරියි

පුවත්

විදෙස්

ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවල නිදහසේ සැරිසැරීම සඳහා චීටා සතුන් මුදාහැරීමට ඉන්දීය වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඊයේ (17) අප්‍රිකා මහද්වීපයේ නැමීබියාවෙන් ගෙන ආ චීටා සතුන් 08 දෙනකු ඊයේ (17) දිනයේ දී ඉන්දියාවේ කූනෝ ජාතික වනෝද්‍යානයට මුදාහරිනු ලැබීය. ලෝකයේ වේගවත්ම සත්වයා ලෙස සැ‍ළකෙන චීටාවන් ඉන්දියාවේ ද මීට පෙර වාර්තා වී තිබූ අතර 1952 දී ඉන්දියාවේ සිටි අවසන් චීටා සතා ද මිනිසුන් විසින් මරා දමා තිබිණි. ඉන් පසු ඉන්දියාවේ කිසිදු වනාන්තරයකින් චීටා වාර්තා නොවීම හේතුවෙන් ඔවුන් වඳ වී ගිය විශේෂයක් ලෙස සැළකිණි. චීටා පැයට කිලෝ මීටර 110කට වඩා වැඩි වේගයකින් දිවීමට සමත් සත්වයකු ලෙස සැළකේ.

වර්තමානයේ වැඩිම චීටා ගහණයක් වාර්තා වන නැමීබියාවේ සිට සිහි මුර්ජා කරන ලද චීටා සතුන් 08 දෙනා ගුවනින් ගෙන්වා ඇති අතර ඔවුන් වනෝද්‍යානයට මුදාහැරීමට පෙර මාසයක කාලයක් නිරෝධායනයට යොමුකර තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (17) දිනට යෙදී තිබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස චීටා සතුන් වානෝද්‍යානයට මුදාහරින ලදී.

https://www.indiatoday.in/india/story/cheetah-back-on-indian-soil-after-70-years-pm-modi-calls-it-historic-2001372-2022-09-17

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!