මිනිස් ඝාතනයක් සඳහා ආධාර අනුබල දෙන ලදැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාවන් දෙදෙන වයස අවුරුදු 35ක සහ 46ක කොළඹ 15 පදිංචි කාරියන් වන අතර පිරිමි පුද්ගලයන් දෙදෙනා මොදර සහ වැල්ලම්පිටිය පදිංචි වයස අවුරුදු 34ක් හා 37ක් වන අය බව ද පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 21යි මිලි ග්රෑම් 121ක් අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක්, පතොරම් ගැබ් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 04ක් සහ ජංගම දුරකථන 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත.