spot_img
spot_imgspot_img

දොස්තර සාෆි, සිංහල කාන්තාවන් වඳ කළ හැටි මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැසිරෙන වගකීම් විරහිත ස්වභාවය සහ තම විවිධ පටු අරමුණු වෙනුවෙන් ජනතාව නොමග යවා රටත් සමාජයත් විනාශයට යොමුකරන ආකාරය පිළිබඳ හොඳම උදාරණයක් වන්නේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිගේ සිද්ධියයි.


ජනතාව අතර මෙන් ම විද්වතුන් අතර ද මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් කාලයක පටන් දැඩි අප්‍රසාදයක් ඇති වී තිබේ. මෙය වඩාත් යොමු වන්නේ විද්‍යුත් මාද්‍ය කෙරෙහි වුව ද එය මුද්‍රිත මාධ්‍ය පමණක් නොව මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පාලනය කරනගෙන යනු ලබන සමාජ මාධ්‍ය අවකාශ තුළ ද අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.
අප ජීවත් වන්නේ අසත්‍ය පුවත් සහ වෛරී ප්‍රකාශන තුළින් ගොඩනැගෙන ගැඹුරු කතිකාවක් බවට පත්වූ අමිහිරි අත්දැකීම් තිබෙන සමාජයක ය. සාම්ප්‍රදායික මාධ්‍ය වන විද්‍යුත් සහ මුද්‍රිත යන අංශ දෙකම තම තමන්ගේ සීමාව අතික්‍රමනය කර තිබේ. ජනතාව නව මාධ්‍යවලට ගොදුරු වී ඇති අතර එවිට මාධ්‍යවේදියාගේ භූමිකාව ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වේ. මෑත කාලයේ රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධව ද සමාජයේ කතිකාවක් ඇති විය.මෑත කාලයේ මෙරට ජනමාධ්‍යය ඉතා විනාශකාරී කාර්ය භාරයක් කරමින් සිටී. දේශපාලකයන්ට ද වඩා ඉතා බිහිසුණු කාර්යයක් කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් විසිනි.
ජාතිවාදය අවුළුවා දේශපාලන වාසි ලබා ගැනීමේ වුවමනාවෙන් මෙහෙයවන ලද සාෆිගේ නාටකය පිටුපස මෙරට ප්‍රබල දේශපාලකයන් මෙන් ම ආගමික නායකයෝ ද සිටියහ. පොලිස් නිලධාරීන් පමණක් නොව වෛද්‍යවරු පවා සාෆිගේ සිද්ධිය සත්‍යයක් යැයි විශ්වාස කළහ. මෙම සිද්ධිය වාර්තාවන කාලයේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය වෛද්‍ය සාෆි සේවයේ නියුතු රෝහලේම සේවය කරන අතර ඔහුගේ දරුවන් වෛද්‍ය සාෆිගේ දරුවන් යන පාසලට යන බව පැවසේ. වෛද්‍ය සාෆිගේ දරුවන් අනෙක් දරුවන් අතර බෙහෙවින් කැපී පෙනෙන තත්ත්වයක සිටින බව පැවසේ. රටේ ජනමාධ්‍යයත් සමඟ එකතු වී රට තුළ මහා සිද්ධියක් නැතහොත් ඇඟ කීරි ගැහෙන සිද්ධියක් බවට පත් කෙරිණි.
වෛද්‍ය සාෆි සේවයේ නියුතු රෝහලේ අධ්‍යක්ෂවරයාද කටඋත්තර දීම සඳහා කැඳවනු ලැබිණි. ඔහු පවා මුල දී මාධ්‍යවලින් මවා පෑ මේ නාටකය විශ්වාස කළේය. අධ්‍යක්ෂවරයා දන්ත වෛද්‍යවරයෙකි. අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදිය යුතු වු ව ද එය විද්‍යාත්මක පදනමකින් විය යුතුය.
මාධ්‍ය වාර්තා කළේ සාෆි 4000ක් පමණ කාන්තාවන් වඳ බවට පත්කර ඇති බවයි. තමන් වඳ බවට පත්වූවායැයි කියමින් දේශපාලන සහ ආගමික නායකයන්ගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ පැවැත්වුණ ද මේ පිළිබඳ විද්‍යාත්මක සහ දසත්ත එළියට ආවේ නැත. තමන් වඳ වට පත්කර ඇති බව පැවසූ ඇතැම් කාන්තාවේ ඉන් මාස කිහිපයකට පසු දරුවන් බිහි කර තිබූ බව ද පසුව ප්‍රසිද්ධ රහසක් බවට පත්විය. මුස්ලිම් වෛද්‍යවරයකු විසින් කාන්තාවන් වඳ කරන බවත් පැලෝපීය නාලය හිර කිරීමෙන් එය කරන බවටත් මාධ්‍යයේ කරුණු පෙන්වාදුන් ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පමණක් නොව සමාජයේ විද්වතුන් යැයි කියා ගන්නා පුද්ගලයන් දරුවකු බිහිවන ආකාරය පිළිබඳ විද්‍යාත්මක කරුණු හෝ අවම වශනේ දැන සිටියේ නැත. නමුත් ඔවුන්ගේ අදහස්වලට මාධ්‍ය මගින් අතිවිශාල ප්‍රසිද්ධියක් ලැබිණි.
කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව දේශපාලන වුවමනාවට ව්‍යාජ පුවතක් කර තියාගෙන ජනමාධ්‍ය සමාජයම අවුළුවද්දී ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ වෛද්‍ය සාෆිට එරෙහිව නඩුවක් පැවරීමට තරම් කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බවයි.
ඒ පිළිබඳ ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ “වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් සාක්ෂි යට ගහන්න CID කටයුතු කරලා” යනුවෙනි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ගණනක් වාර්තා කිරීම් අදටත් දක්නට ලැබේ. ඒවා අතර රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ, රූපවාහිනී වාර්තා, සාකච්ඡා, පුවත්පත් ප්‍රවෘත්ති, විශේෂාංග ලිපි පමණක් නොව වෙබ් අඩවි සිය ගණනක් වාර්තා ද දක්නට ලැබේ.
නිවැරදි මාධ්‍ය වාර්තාකරණයට තහවුරු කරගත් තොරතුරු ඉතාමත් වැදගත් මූලාශ්‍රයකි, ඒ වගේ ම එය සමබර වාර්තාකරණයක් විය යුතු අතර ප්‍රේක්ෂකයා හෝ පාඨකයා නොමග යවන සුළු ‍ඒවා ද නොවිය යුතුය. සමාජය නොමග යවා කලබලකාරී සහ ආවේගශීලී තත්වයට පත්නොකරන මාද්‍ය වාර්තාකරණය ද යහපත් මාධ්‍ය භාවිතය ලෙස හැඳින්වේ.
එසේ වුව ද වෛද්‍ය සාෆිගේ සිද්ධිය එක් ජාතියක්, ආගමක් ඉලක්ක කරගනිමින් සමාජයේ තවත් අතිවිශාල පිරිසක් නොමග යැවීම අරමුණු කරගත් සැළසුම් සහගත සහ හිතාමතාම සිදුකරනු ලැබූ ව්‍යාජ මාධ්‍ය නිර්මාණයක් බව පැහැදිළි කරුණකි.
මෙය මාධ්‍ය සිය වගකීම ඉටු කිරීම නෙවේ. මාධ්‍ය සිය වගකීම තේරුම්‍ නොගෙන සමාජය ම විනාශ කරන බවට ඇති හොඳම උදාහරණයකි.

මෙම වීඩියෝව පහත සබැඳියෙන් බාගත කිරීමට හැකියි

https://wetransfer.com/downloads/9648691638c2d76da09388426689223620220914024011/e2132c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!