සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්‍රී ලංක දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙම තරඟාවලිය මුලුල්ලේ ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව සිටීම ද විශේෂත්වයකි.
ආසියානු රටවල් 11ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරඟාවලිය 12 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරඟාවලිය වෙයි
අවසන්වරට පැවැති 2018 තරඟාවලියේ දී ද ශ්‍රී ලකාව අපරාජිතව ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙවර ශූරතාවත් දිනා ගනිමින් තවදුරටත් ආසියානු දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. ඒ අනුව 2023 ජූලි මාසයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දැල්පන්දු ලෝක ශූරතාවලියට ද ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියි.
ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත්තේ 06 වතාවට වන අතර 1989ළ 1997ළ2001,2009 සහ 2018 කුසලානය දිනා ඇති අතර 1985,2012,2014 සහ 2016 වසරවල දී අනු ශූරතාව දිනාගෙන ඇත.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ගයාංජලී අමරවංශ (නායිකා) දුලංගි වන්නිතිලක (උප නායිකා) තර්ජනී සිවලිංගම්, ගයනි දිසානායක, සේමිනි අල්විස්, චතුරංගි ජයසූරිය, දීපිකා අබයකෝන්, හසිතා මෙන්ඩිස්, රෂ්මි පෙරේරා, ඉදුෂා පෙරේා සහ මල්මි හෙට්ටිආරච්චි ඇතුළත් වූහ.
හයිසින්ත් විජේසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කුමාරි ගමගේ සහාය පුහුණුකාරිනිය ලෙසත්, මයුරිනී අනූෂා කළමනාකාරිනිය ලෙසත් කටයුතු කළහ.
ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැළකෙන අඩි 06යි අඟල් 11ක් උසැති තර්ජනී සිවලිංගම් ගේ දක්ෂතා ද මෙම ජයග්‍රහණයට මනා පිටිවහලක් විය. ඇය මේ වනවිට 43 වැනි වියේ පසුවුව ද තම දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යන බව ඇය නැවත නැවතත් සනාථ කළාය. 2009 වර්ෂයේ සිට ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නීය.