-2.5 C
New York

කැබිනට් ඇමතිවරු දුසිමක් දිවුරුම් දෙති ?

Published:

කැබිනට් අමාත්‍යවරු 12 දෙනකු සඳුදා (12) හෝ අඟහරුවාදා (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

දිව්රුම් දීමට නියමිත ඇමතිවරු 12 දෙනාගෙන් 10 දෙනකු ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නියේජනය කරන මන්ත්‍රීවරු බව ද ඊට අමතරව ජීවන් තොණ්ඩමන් සහ ඒ.එම්.එල්.අතාවුල්ලා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන්ගේ දිවුරුම් දීමත් සමඟ අමාත්‍ය මණ්ඩලය 20ක් දක්වා ඉහළ යයි. දැනට පත්කර සිටින අමාත්‍යවරු 18 දෙනාගෙන් කිහිප දෙනකුගේ විෂය පථ වෙනස් වීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

කෘසිකර්ම, විදුලිබල හා බලශක්ති, ඉඩම් හා සංචාරක, කම්කරු හා විදේශ රැකියා, අධ්‍යාපන, වාරිමාර්ග විදේශ කටයුතු යන විෂයයන් වෙනස් නොකිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

මෙම ඇමතිවරු 12 දෙනා දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු 08ක් හෝ 10ක් කැබිනට් අමාත්‍යධූරයන්හි දිවුරුම් දීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img