මිනිස් පරිභෝජනයට ගත හැකි සහල් තොගයක් රජයේ ආයතනයක් විසින් ම නීති විරෝධී ලෙස සත්ව ආහාර සැකසීම සඳහා යොදා ගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උසස් තත්වයේ ආනයනික සහල්වලින් සෑදූ සත්ව ආහාර තොගයක් සහ සත්ව ආහාර සැකසීමට සූදානම් කර තිබූ ඉතාමත් හොඳ තත්වයේ සහල් කිලෝ 10,000ක පමණ ප්‍රමාණයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, නීරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති රජයට අයත් සත්ව ගොවිපොළක තිබී මෙම සහල් සහ සැකසූ සත්ව ආහාර තොගය අනුරාධපු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මුද්‍රා තබා ඇත.
2024 මාර්තු මස කල් ඉකුත්වීමට නියමිතව ඇති ටජ්මහල් නමැති වෙළෙඳ නාමයක් යටතේ අළෙවි කරනු ලබන සහල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ එම සහල් යොදාගෙන ඌරන්ට සහ කුකුළන්ට ආහාර සකසා ඇති බවට අනාවරණය වූ බවයි.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 84 යටතේ සහල් හෝ වී සත්ත්ව ආහාර සඳහා සෘජුව හෝ වක්‍රව භාවිතා කිරීම සම්පූර්ණයේන ම තනම් කර තිබේ. එමෙන් ම සත්ව ආහාර සඳහා යොදා ගැනීමට සහල් ආනයනය කිරීම, බෙදා හැරීම, සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා කටයුතු කිරීම, ප්‍රවාහනය කිරීම පවා තහනම් කර තිබිය දී රාජ්‍ය ආයතනයක් මෙසේ කටයුතු කිරීම ගැටලුවක් බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ සත්ව ආහාර සැකසීම සඳහා පිටතින් සහල් තොග ගෙන්වාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.